Mine (2016) Sinhala previews with sinhala Subtitles – සිංහල හදුන්වාදීම සමග සිංහල උපසිරැසි

Such Subtitle Editer

මගේ නම මයිකල්. හැමෝම කතාකරන්නෙ, මයික් කියලා. වෘත්තියෙන් ස්නයිපර් වෙඩික්කරුවෙක්. මගේ හොඳම යාළුවත් එක්ක මං මේ ඇවිල්ලා ඉන්නේ අතිශය වැදගත් මෙහෙයුමක් සඳහා. මාස දහතුනක් පුරාවට සිටින ඉසව්වක් හෝ දැනගත නොහැකිවූ ගරිල්ලා නායකයෙක්, කාන්තාරයකට පැමිණෙනු ඇති බවට ලද ඔත්තුවක් මත, මටත් මගේ හොඳම යාළුවාටත් එක්තරා බැරෑරුම් මෙහෙයුමක් බාරදෙනු ලැබුවා. එනම්, මෙතෙක් කාලයක් පුරාවට, ලොවට අත්‍යාවශ්‍යව සිටි, මෙම ගරිල්ලා නායකයාව, ස්නයිපර් වෙඩි පහරකින් ඝාතනය කර දැමීම.

නියමිත දිනය එළඹුණා. තෙරක් නොපෙනෙන මහා කාන්තාරයේ, අදාළ ස්ථානයේ අපි ස්ථාන ගතවී සිටියා, ගරිල්ලා නායකයා පැමිණෙන තුරාවට. අපිට ලැබුණු ඔත්තුව නිවැරදි එකක් බව ප්‍රත්‍යක්ෂ කරමින්, සිය සගයින් පිරිවරා ගනිමින්, ගරිල්ලා නායකයා පැමිණියා. නමුත්, අවාසනාවන්ත ලෙස අපේ මෙහෙයුම අසාර්ථක එකක් වුණා.

මෙහෙයුම අසාර්ථක වීමත් සමගින්, අදාළ ස්ථානයෙන් අපි පලාගියා. ගරිල්ලා භටයින් දිගින් දිගටම අපි පසුපස පැමිණියත්, කාන්තාර වැලි කුණාටුවක් හමුවේ ඔවුන් පසුබා ගියා. තෙරක් නොපෙනෙන මහා කාන්තාරයේ, දිගින් දිගටම අපි ඇවිදගෙන ගියා, මුදවාගැනීමේ ස්ථානය ලෙස අපට ලබාදෙන ලද ගම්මානය සොයමින්. නමුත්, නොසිතූ විරූ මොහොතක, යමක් සිදුවුණා. අතිශය භයානක දෙයක්…

එක වරම පිපුරුමක් සිදුවුණා. පිපුරුමෙන් ස්වල්ප වෙලාවක් ගතවන විට, මගේ මිතුරා බිම වැටී සිටියා…දෙපා අහිමිව. ඔහු වේදනාවෙන් කෑගැහුවා. ඒක හරිම හද කම්පා කරවන දර්ශනයක්. මට ඕනේ වුනා, මගේ යාළුවා ලඟට ගිහිල්ලා, එයාට උදව් කරන්න. මං, ඔහු ලඟට දුවගෙන යන්න හැදුවා. නමුත් බැරිවුණා. මට යම් කිසි දෙයක් පෑගුනා. සොල්දාදුවෙක් විදියට, පෑගුනේ මොකක්ද කියලා හිතාගන්න, මට දෙපාරක් හිතන්න ඕනේ වුනේ නැහැ. මට පෑගුනේ,බිම් බෝම්බයක්. දෙවියනේ, මොකක්ද මේ වුනේ? මගේ යාළුවා මං ඉදිරිපිටම පණ අදිනවා. බිම් බෝම්බයක් නිසාවෙන්, හෙලවෙන්නවත් බැරිව, මං අසරණ වෙලා ඉන්නවා.

මේ දර්ශනය පිළිබඳව මොහොතක් ඔබේ සිහියට නගාගන්න. කිසිවෙකුගේ සරණක් ලබාගත නොහැකි, තෙරක් නොපෙනෙන පාළු කාන්තාරයක්… දෙපා අහිමිව, තමන් ඉදිරිපිට සිය අවසන් සුසුම් හෙලන්නාවූ තමන්ගේ ලබැඳි මිතුරා… මරණයේ පණිවිඩය රැගෙන පසුපසින් පැමිණෙන්නාවූ ගරිල්ලා භටයින්…නිරන්තරයෙන් කාන්තාරය හරහා හමන්නාවූ අතිශය දරුණු වැලි කුණාටු…රාත්‍රී කාලයේදී දඩයමේ පැමිණෙන්නාවූ දරුණු වන මෘගයින්…මේ සියල්ල හමුවේ, බිම් බෝම්බයක් මත අසරණව සිටිනා ස්නයිපර් වෙඩික්කරුවෙක්…

Thriller කාණ්ඩය යටතේ, 2016 වර්ෂයේ ඔක්තෝම්බර් මස 6 වෙනි දින නිකුත්වූ, ඉතාලි භාෂාව සහිත ඇමරිකානු චිත්‍රපටයක්…The Man from U.N.C.L.E.(2015), The Lone Ranger (2013), The Social Network (2010) ආදී ජනප්‍රිය චිත්‍රපට තුලින් ඔබ හමුවට පැමිණි සම්මානනීය නළු, Armie Hammer ගේ අති විශ්ෂ්ඨ රංගනයෙන් ඔපවත්ව,Imdb දර්ශකයේ 6.7 ක අගයකින් සමන්විත වන විශිෂ්ට චිත්‍රපටයක්…ජීවිත කාලය තුලදී, වරක් හෝ නැරඹිය යුතුයැයි නිර්දේශ කල හැකි අතිශය ඉහළ මට්ටමේ මානුෂීය හැඟීම් සපිරි සුවිශේෂී නිර්මාණයක්…

(Visited 911 times, 2 visits today)

You might be interested in